Welcome to DReeZone's Website

DReeZone's blog has interesting information on Latest Technology, Mobile phones, Software, Windows, New Gadgets.

The Site shares funny (Comedy) news, pictures and videos.

Also contains tips and tricks on software and mobile phones. (Specially Samsung OMNIA)

The author of the site is a Sri Lankan. All new information on Sri Lanka is also posted in this blog. Sri Lanka is an island situated in the Indian Ocean that has vast tourist attractions. "Sri Lanka a Small Miracle" is the slogan of the Sri Lanka Tourist Board.

මාධ්‍ය වාරණයේ නිරුවත (දිවයිනේ වූ ‍වැදගත් ලිපියක්)


Posted by Unknown Tuesday, November 17, 2009

මාධ්‍ය වාරණයේ නිරුවත
මාපා තිලකසූරිය


පාරේ තිබූ මළ සිරුරක්‌ ගැන කරුණු සෙවීමට ගිය "දිවයින" පත්‍රයේ මාපලගම මාධ්‍යවේදී ගුණපාල කාරියවසම් මහතා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ පා තිබේ.
ගුණපාල මහතා මළ සිරුර ගැන පොලිසියෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ ඒ පිළිබඳව තොරතුරු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසන ලෙසයි. ඒ සඳහා ඔහුට ලබාදුන් දුරකථන අංකය අංක එකොළහකින් සමන්විත බවද ඔහු පවසයි.
ප්‍රාදේශීය මාධ්‍යවේදියකු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගෙන් එවැනි තොරතුරක්‌ විමසුවේ නම් ඔහුට නිසි පිළිතුරක්‌ නොලැබීමට ඉඩ තිබේ. "අර අංකයට කතා කරන්න" මේ අංකයට කතා කරන්න" සීට්‌ එකේ නැහැ" ආදී දහසකුත් පිළිතුරුය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක්‌ නොව වෘත්තීය පත්‍ර කලාවේදීන් ද සිය වෘත්තිය කරගෙන යැමේදී ඔවුන්ට බලපානු ලබන ප්‍රබල ගැටලුවකි තොරතුරු දැන ගැනීමට තිබෙන අපහසු බව. තොරතුරු සොයා යැමට ගොස්‌ අපහසුතාවට පත්වූ ප්‍රථම සහ අවසාන මාධ්‍යවේදියා "දිවයින" මාධ්‍යවේදියා නොවේ.
කල් ඉකුත් වූ ප්ලස්‌මා පෙරණ කට්‌ටල භාවිතා කරනු ලබන බවට මුලින්ම හෙළිදරව් කරනු ලැබුවේ සිරස" රූපවාහිනිය මගිනි. එහෙත් ඔවුන් ජනතාව වෙනුවෙන් එම තොරතුරු විකාශනය කරණු ලැබුවේ දැඩි අසීරුතා මැද්දේය.
ලක්‍ෂ ගණනක ලේ පරිත්‍යාග ශීලී ජීවිත අවදානමකට ලක්‌ කොට කල් ඉකුත් වූ ප්ලස්‌මා පෙරණ කට්‌ටල භාවිතා කිරීම ප්‍රශ්නයක්‌ නැත. එම තොරතුරු හෙළි කිරීම වැරදිය. තොරතුරු හෙළිදරව් කිරීමට මූලික වූ සේවකයන් පසු පස හඹා ගොස්‌ පළිගැනීම නම් සිදු කරනු බව පෙනේ.

 

වැඩිදුර මෙතනින් කියවන්න

0 comments

Post a Comment

Related Posts with Thumbnails