Welcome to DReeZone's Website

DReeZone's blog has interesting information on Latest Technology, Mobile phones, Software, Windows, New Gadgets.

The Site shares funny (Comedy) news, pictures and videos.

Also contains tips and tricks on software and mobile phones. (Specially Samsung OMNIA)

The author of the site is a Sri Lankan. All new information on Sri Lanka is also posted in this blog. Sri Lanka is an island situated in the Indian Ocean that has vast tourist attractions. "Sri Lanka a Small Miracle" is the slogan of the Sri Lanka Tourist Board.

වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් - Windows Vista, Office 2007, Sinhala Language Interface Pack


Posted by Unknown Wednesday, February 17, 2010

වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම


භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack - LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයකි. යම් මූලික භාෂාවක් (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂා‍ව වෙත පරිවර්තනය වීම සිදුවේ.
මේ වන විට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල භාෂාව වෙනුවෙන් වූ මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් හඳුන්වා දී තිබේ. මෙය ස්ථාපනය කළ විට ඔබේ පරිගණකයේ සහ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ මූලික මෙනු, බොත්තම්, උපදෙස් සහ විස්තර සැලකිය යුතු ලෙස සිංහල මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී සිදුවනුයේ මෙම මෘදුකාංග වලදී භාවිත වූ ඉංග්‍රීසි වචන සඳහා සිංහල වදන් පෙලක් මුසු කිරීමයි. මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ දේශීය භාෂා විශාරදයින් මයික්‍රෝසොෆ්ට් ආයතනය සමඟ අත් වැල් බැඳගන්නා ලදී.
මෙම වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම හෝ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කිරීම සඳහා සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Sinhala Tamil Input Method Editor - IME) පරිගණකය තුල ස්ථාපනය කරතිබීම යෝග්‍ය වේ.
ඔබේ පරිගණකයට මෙම සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කරගැනීම සඳහා;


වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Input Method Editor)
පරිගණකයේ සිංහල ස්ථාපනයට උපදෙස්
මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2007 සහ වින්ඩෝස් විස්ටා සඳහා තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව

0 comments

Post a Comment

Related Posts with Thumbnails